පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ නිලධාරියෙකු වනඅලි ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබෙනවා.
ඒ, ඊයේ (29) රාත්‍රියේ නාවික හමුදා කඳවුර අසලදී යි.
ඔහු ජේ.ඒ.එම්.සී ජයකොඩි නමැති නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 41 හැවරිදි දෙදරු පියෙක්.
අදාළ නිලධාරියා පූනෑව නාවික හමුදා කඳවුරේ ප්‍රවාහන අංශය භාරව කටයුතු කළ නිලධාරියෙක් බව වාර්තා වනවා.
ඊයේ රාත්‍රී 9:30ට පමණ නාවික හමුදා කඳවුර අසලදී පාගමනින් ගමන් ගත් අවස්ථාවේදී ඔහු මෙම වනඅලි ප්‍රහාරය ලක්වී තිබෙනවා.
අනතුරුව, ඔහුව වවුනියාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් මියගොස් ඇති බව පූනෑව පොලීසිය පවසනවා.