25 C
Colombo
Saturday, December 9, 2023

මන්ත්‍රීවරුන්ගේ විනය බලන්න නව පනතක් 

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, යම් මන්ත්‍රීවරයෙකු සිය තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන පරිදි කටයුතු කරන්නේ නම් එම නියෝජිතයාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරිම හැකි ප්‍රතිපාදන එම පනතට ඇතුළත් කර ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්මය පිළිබඳව සහ හැසිරීම පිළිබඳව රටේ ජනතාවට විශාල විවේචනයක් තියෙනවා. ඒක සාධාරණ විවේචනයක්. පහුගිය කාලය පුරාවට එම වගකීම මන්ත්‍රීවරු ඉෂ්ඨ නොකිරීම නිසා නොයෙකුත් පියවර අපි අරගෙන තියෙනවා. ඒ අතරට අපි ඉදිරිපත් කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක්. පාර්ලිමේන්තුවට අලුතින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳව පනතක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ තනතුරේ ගෞරවය ආරක්ෂා නොවන විදියට කටයුතු කරනවා නම් සහ නීතිවිරෝධී යම්දෙයක් කරලා තියෙනවා නම් ස්වාධීනව පත්කරන කමිටුවක් මඟින් එම මන්ත්‍රීවරයාට දඬුවම් නියම කරන්න. විශේෂයෙන්ම මන්ත්‍රී ධුරය අහෝසි වෙන විදියට තමා අපි ඒ පනත් කෙටුම්පතට පනත් ඇතුළත් කරලා තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...