25 C
Colombo
Friday, January 17, 2025

අර්චුනාට නවත් නඩුවක්

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන මෙන් ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් ඉල්ලා අභියාචානාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ක්වෝවොරොන්ටෝ රිට් ආඥාවක් රාජ්‍ය නිළධාරියෙකුට එම ධූරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමට යොදා ගනු ලබනවා.

ඒ ඔස්සේ පාර්ලිමේන්තුවේ ,පළාත් සභාවේ ,නගර සභාවේ ,ප්‍රාදේශීය සභාවේ ධූරය දරන කෙනෙකුට එරෙහිව එම ධූරය දැරීමේ සුදුසුකම ප්‍රශ්න ගත කළ හැකියි.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

අර්චුනා රාමනාදන් වෛද්‍ය නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වී නොමැති අතර ඒ හේතුවෙන් ඔහුට පාර්ලිමේන්තු  මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව පවසමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම අද (17)  අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර 2025 ජනවාරි 15 ​​වැනි දින ඒ සඳහා කරුණු දැක්වීමට නියම කළා.

නීතිඥ එන්.කේ. ෂෙනාල් ප්‍රනාන්දු සමඟ අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES