23 C
Colombo
Friday, February 14, 2025

තරුණ සේවා සභාවට අලුත් සභාපතිවරයෙක්

- Advertisement -

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව, නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර තිබෙනවා.

ඔහු යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ සේවා සභාවේ සභාපති ධුරයට ආ පළමුවැන්නාද වනවා.

ඒ අනුව ඔහු අද (03) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති, ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීම සිදු වුණා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස පත් වන විට ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කරමින්ද සිටියා.  

විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන නීතිඥ සුපුන් විජේරත්න මහතා මොරටුව යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනයේ සභාපතිවරයා හා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. 

එමෙන්ම  සිව්වන යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වූ ඔහු, යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කර තිබෙනවා.

යෞවන සමාජ ව්‍යාපාරයත්, යොවුන් පාර්ලිමේන්තුවත් නියෝජනය කළ අයෙක් ජාතික තරුණ සේවා සභාවේ සභාපති, ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වූ පළමු අවස්ථාව මෙය වනවා.

වැඩ භාරගනිමින් ඔහු පැවසුවේ ජාතික තරුණ සේවා සභාව තරුණයාට හරයාත්මක සේවාවක් ඉටු කරන ආයතනයක් බවට පත් කරන බවයි.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් අමතමින් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, තරුණ සේවා සභාවේ සියලු නිලධාරීන්ගේ හැකියාවන් එකතු කරගනිමින් තරුණ සේවා සභාව මෙරට තරුණයින්ගේ ප්‍රමුඛතම ආයතනය බවට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES