27.8 C
Colombo
Monday, June 23, 2025

පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය ගැන අලුත් චක්‍රලේඛයක්

- Advertisement -

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලුම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.

අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට වට්ස්ඇප්, වයිබර් හා ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිත කිරීම හඳුන්වා දුන් අතර මේ වනවිටත් එම යෙදවුම් දරුවන් භාවිත කරමින් සිටින බවයි.

ඒ හේතුවෙන් ඇති වෙන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශයට තොරතුරු වාර්තා වෙමින් පවතින බවද එහි සඳහන්.

ඒ අනුව සන්නිවේදන යෙදවුම් භාවිතයේ දී පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස සියලු ගුරුවරුන් හා අදාළ පාර්ශවයන් වෙත දැනුම්දී තිබෙනවා.

පාසල් ප්‍රධානීන්/නියෝජ්‍ය විදුහල්පති/සහකාර විදුහල්පති/අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ (Whatsapp වැනි) පරිපාලක (Admin) ලෙස කටයුතු කරමින් නිරන්තර අධීක්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක මට්ටමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පාසල් කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජීවීව සිදු කිරීමෙන් විෂය නිර්දේශය ආවරණය කිරීමට කටයුතු කළ යුතු අතර විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා සන්නිවේදන යෙදවුම් භාවිත කරන්නේ නම්, සුහුරු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බව සහතික කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහිකැඳවීම් යොමු කිරීම් සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.

සිසුන් විසින් නිවසේ දී සිදුකළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය සිසුන්ට ලබාදීම් පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරමි.

පොදුවේ සලකන කල්හි මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදී කිසිවක් යොමු කිරීම සිදුනොකළ යුතු අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව දන්වා සිටිමි.

රාජකාරිමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කිර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් විසින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...