27 C
Colombo
Sunday, June 26, 2022

රට සල්ලි ගේන්න අලුත් දෙපාර්තමේන්තුවක්

- Advertisement -

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021.11.03 දින සිට බලපැවැත්වෙන පරිදි නව දෙපාර්තමේන්තුවක් “විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව” නමින් ස්ථාපිත කර තිබෙනවා.

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙනවා.

පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලාඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවයන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.

මෙම දෙපාර්තමේන්තුවට අදාළ ඇමතුම් විස්තර පහත පරිදි වේ.

විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01
දුරකථනය:+94 11 247 7101 සහ +94 11 2 477 000
ෆැක්ස්:+94 11 247 7710
විද්‍යුත් ලිපිනය:[email protected]

RECENT ARTICLES - SINHALA

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...