29.5 C
Colombo
Wednesday, July 9, 2025

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

- Advertisement -

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබෙනවා.

අද (10) දින සිට ක්‍රියාත්මක වෙන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර කරනු ලැබුවා.

මීට පෙර කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරන ලද මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජේරත්න මහතා 2024.10.07 වන දින අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පනතේ 25 (2) වගන්තිය ප්‍රකාරව අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ බලතල, කර්තව්‍යය ඉටු කිරීම සඳහා කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය පත් කර තිබුණා.

අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ එදින සිට මේ දක්වා කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ උපදෙස් පරිදි එතුමිය විසින් නඩු ගොනු 62 කට අදාළ අධි චෝදනා පත්‍ර සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...