ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති නජිත් ඉන්දික මහතා, හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
පසුගිය වසර 05 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කර තිබෙනවා.
නජිත් ඉන්දික මහතා කලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ අතරම 2014 වසරේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කළා.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු තනතුර මෙහෙයවූ පළමුවෙනි වෛද්‍ය ශිෂ්‍යයා වූයේද ඔහුයි.