25 C
Colombo
Friday, January 17, 2025

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙ‌ළක්

- Advertisement -

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි.

එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ , ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවයි.

GOVPAY(ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16 ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිතයි.

ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කෙරෙනු ඇති.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවයි.

මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්ව යාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES