තමන් විසින්ම රැකියාවක් සොයා ගෙන විදෙස් ගතවන ශ්‍රමිකයන්ට අදාළ නව නීති සමූහයක් ජූලි මස පළමුවනදා සිට හඳුන්වාදෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වෘත්තිමය වර්ගීකරණය යටතේ විදෙස් ගත වන්නන්ට අයත් නොවන කණ්ඩායම් සඳහා පමණක් මෙම නීති අදාළ වනු ඇති බවයි.
රටවල් 13ක , කන්සියුලර් සේවා අංශ 15ක මෙම නීති ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු පවසා සිටියා.
ඊට අදාළ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි පළ කරන බවත්, ඒ අනුව ලියකියවිලි ලබා දීමෙන් පසුව විදෙස් ගත වන්නන් ලියාපදිංචි කිරීමක් සිදු කරන බවත් කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
මෙම ලියාපදිංචිය සඳහා ඩොලර් 60ක පමණ මුදලක් අය කරන අතර, ලියාපදිංචියෙන් පසුව ලංකාවට එවන ලද තොරතුරු සත්‍යාපනය කිරීමෙන් පසුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්වයං රැකියා සඳහා පිටත් කරන කවුළුවලට පැමිණ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.