28.9 C
Colombo
Thursday, March 27, 2025

ගූගල් සමාගමෙන් අලුත් පිම්මක්

- Advertisement -

ගූගල් සමාගමේ කෘතීම බුද්ධිය අන්තර්ගත Pixel ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එම සමාගම විසින් පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවති උත්සවයක දී මෙම දුරකථන ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම කෘතීම බුද්ධිය අන්තර්ගත දුරකථන සඳහා Screenshot search සහ Gemini chatbot විශේෂාංග අන්තර්ගත කර ඇති බව ගූගල් සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එම සමාගම සඳහන් කරන්නේ, Google Pixel 9 දුරකථන මාදිලිය අඟල් 6.3ක තිරයකින් සමවිත වන අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 799 සිට ආරම්භ බවයි.

ඔවුන්ගේ පෙර මාදිලියට සාපේක්ෂව මෙම දුරකථනයේ මිල ඩොලර් 100කින් ඉහළ නංවන බව එම සමාගම පවසනවා.

Google Pixel 9 Pro XL දුරකථන අඟල් 6.8ක තිරයකින් සමන්විත වන අතර, එය වෙළඳ පොළ වෙත නිකුත් කිරීම මේ මස ආරම්භ කිරීමට නියමිත බව සමගම සන්න්දහන් කළා.

එමෙන්ම උසස් මට්ටමේ තාක්ෂණයකින් සමන්විත නැමිය හැකි Google Pixel 9 Pro සහ Google Pixel 9 Pro Fold දුරකථන ද්විත්වය එළඹෙන මස වෙළඳ පොළට නිකුත් කිරීමට ආරම්භ කිරීමට අපේක්ෂිත බව සමාගම සඳහන් කරනවා.

එමෙන්ම Google Pixel 9 දුරකථන මාදිලියේ තිරය OLED තාක්ෂණයෙන් සමන්විත උසස් විශේෂාංග සහිත තිරයක් වන අතර, මෙම දුරකථනය Google විසින් නිර්මාණය කරන ලද නවතම ප්‍රොසෙසරයකින් ද (processor) සමන්විතයි.

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES