31 C
Colombo
Wednesday, February 12, 2025

චීනෙන් හම්බන්තොටට නව තෙල් පිරිපහදුවක්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමිවූ විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු කෙරුණා.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත වන බව පැවසෙනවා.

ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමටද සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇති.

එසේම ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...