25 C
Colombo
Saturday, May 24, 2025

අපනයන ආදායමෙහි පාඩුව පියවා ගැනීමට නව සැලසුමක්

- Advertisement -

අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මව්බිම පුවත්පතට පවසා තිබෙනවා.

ආසියානු කලාපය, අප්‍රිකානු රටවල් සහ මැදපෙරදිග රටවල ලංකා භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තිබෙන බව ඔහු පවසා සිටියා.

ඒ අනුව, එම රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යෑමට අදාළ යෝජනා අපනයන සංවර්ධන මණ්ඩලය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් බව සභාපතිවරයා පැවසුවා.

එම නිදහස් වෙළෙඳ ගිවිසුම්වලදී තීරු බදු ගිවිසුම් කිහිපයකට යා යුතු බවට යෝජනා රජයට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් හඳුනාගත් රටවල් සමග අප්‍රේල් හා මැයි මාස ඇතුළත ගිවිසුම්වලට යා යුතු බවත් පවතින ගැටලුවලට විසඳුම් කිහිපයක් ලබා ගනිමින් සිටින බවත් ඒ මහතා පවසා සිටියා.

එසේ ම එක් එක් නිෂ්පාදන භාණ්ඩවලට පවතින ඉල්ලුම පාවිච්චි කර යුරෝපා සංගමයේ රටවල් ඉලක්ක කරගෙන තීරු බදු ගිවිසුම් සඳහා යා යුතු බවට රජයට යෝජනා කළ බවත් ඔහු පවසනවා.

අමෙරිකන් තීරු බදු ප්‍රශ්නයත් සමග ලෝකය නොහිතන වෙනත් දිශාවකට යොමුවෙන බව ත් එහිදී ශ්‍රී ලංකාවට මෙතෙක් නොතිබූ වාසියක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇති බවත් මංගල විජේසිංහ මහතා කියා සිටියා.

සභාපතිවරයා,

“එක්සත් රාජධානියේ වෙළෙඳපොළ ඩොලර් බිලියන 977ක වෙළෙඳපොළක්. අපි ඒකෙන් අපනයන කරන්නෙ බිලියන එකකට අදාළ ප්‍රමාණයක්. අපි තවත් වෙළෙඳපොළ අවස්ථා සොයාගත යුතුයි. කාබනික ආහාර අපනයනයෙන් අපට මිලියන 500ක ආදායමක් පමණයි දැනට. හැබැයි මේ වෙළෙඳපොළ ලෝකයේ බිලියන 140 වෙළෙඳපොළක්. අපේ රටේ උපරිම ප්‍රයෝජන ගත හැකි පැති තියෙනවා. කුඹුරු තියෙනවා. අපේ ඉඩම් තියෙනවා, ශ්‍රමය තියෙනවා. අපිට කාබනික ආහාර යැව්වොත් යම්කිසි දෙයක් ළඟා කර ගන්න පුළුවන්. ජාතියක් වශයෙන් මේ ප්‍රශ්නය එක්ක වෙන විදිහකට වෙන ගමනක් යා යුතුයි”

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...