26.7 C
Colombo
Monday, June 16, 2025

පාස්පෝට් කාර්යාලයට නව පොලිස් මුරපොළක්

- Advertisement -

පැය 24 පුරා ක්‍රියාත්මක වෙමින් දෛනිකව විදෙස් ගමන්බලපත්‍ර 4000ක් නිකුත්කිරිමේ යෝජිත වැඩපිළිවෙළ තවත් දින 10කින් පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

එම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු නිලධාරින් බදවාගැනීම වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරින්ගේ නාමලේඛනයක් රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා මේ වනවිට යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව එම කොමිෂන් සභාවේ අනුමැතිය ලද විගස පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් ගමන්බලපත්‍ර නිකුත්කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් ද ඊයේ (7) පැවැත්වුවා.

දැනට පැනනැගි ඇති අර්බුදයට පිළියම් ලෙස විද්වත් කමිටු නිර්දේශ පරිදි දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීම හා යාපනයේ නව ආගමන හා විගමන කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම විදෙස් ගමන්බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ නව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමටද උපදෙස් ලබා දුන් බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES