32 C
Colombo
Tuesday, February 18, 2025

ඖෂධ මිල අඩු කිරීමට නව මිල පාලන යාන්ත්‍රණයක්

- Advertisement -

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65ක්.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවයි.

නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතු වනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කෙරෙන බවයි.

එය නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුව විසින් සිදු කිරීමට බලතල පවරන බවද වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

POPULAR ARTICLES