26.7 C
Colombo
Monday, July 21, 2025

රජයේ රෝහල්වල නේවාසික රෝගීන් වෙනුවෙන් අලුත් වැඩපිළිවෙළක්

- Advertisement -

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. 

ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කරන බවත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු සහගත තත්ත්වයක් පවතින බවයි. 

මේ වන තෙක් රෝහලෙන් රෝගියාට ලබා දෙන ආහාර වේල පිළිබඳව රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න පිළිබඳව විමසීමක්වත් නොකරන තත්ත්වකට එම සේවාව පත්ව ඇති බව ද අවධාරණය කළ අමාත්‍යවරයා රෝහලෙන් ලබා දෙන වර්තමාන ආහාරවේල පිළිබඳවත්, එය රෝගියාට ලබා දෙන ක්‍රමයේත් වෙනසක් ඇති කළයුතු බවද සඳහන් කළා. 

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම අපේක්ෂා රෝහල තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට පවතින ගැටළු පිළිබඳව ද ඔහු අදාළ නිලධාරීන්ගෙන් මෙහිදී විමසා සිටියා.

මේ වන විට අපේක්ෂා රෝහල තුළ එකවර 2,000කට ආහාර පාන සැකසීම සඳහා පහසුකම් සහිත නවීන මුළුතැන්ගෙයක් සකස් කර ඇති බවත්, එයට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව මෙහි දී අණාවරණය වී තිබෙනවා.

මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට එහි නම ආහාර පාන දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමටත් මෙහි දී යෝජනා වී තිබෙනවා.

තනි පිඟානකට හොදි, එළවළු, මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍ බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය බවත්, එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් රෝගියාට ආහාර ගැනීමට රුචියක්, ප්‍රියතාවක් ඇති වන බවත් වෛද්‍යවරුන් මෙහි දී අමාත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දී රජයේ සියලුම රෝහල්වල ක්‍රියාත්මක කිරීමට නම් රෝහල්වල මුළුතැන්ගෙවල් නවීකරණයට ලක්කළ යුතු බවත් දැනට පවතින ගෑස් උඳුන වෙනුවට වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උඳුන් මෙන්ම නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහි දී ඉස්මතු වී තිබෙනවා.

මෙහි දී මතු වූ කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ අමාත්‍යවරයා ඊට කඩිනම් විසඳුම් ලබාදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට කටයුතු කරන බව අවධාරණය කළා. 

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES