ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එල්ලකළ පේජර් ප්‍රහාරයෙන් 12 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස මියගිය පිරිසෙන් දෙදෙනෙක් ළමුන් බව සඳහන්.
එවැනිම පිපිරීම් සිරියාවේ ඩැමස්කස් නුවරින් ද වාර්තා වී තිබුණි.
දැනට හෙළිවී ඇති තොරතුරු අනුව ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සංවිධානය විසින් හිස්බුල්ලා සාමාජිකයින් යොදාගන්නා පේජර් සඳහා පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බව හෙළිව තිබෙනවා.
හිස්බුල්ලා සාමාජිකයින් ට ජංගම දුරකථන භාවිතය මීට මාස කිහිපයකට පෙර තහනම් කළ අතර ඒ වෙනුවට තොරතුරු හුවමාරුව සඳහා පේජර් භාවිත කිරීමට පියවර ගෙන තිබුණා.
මෙම ප්‍රශ්නගත පේජර් මෑතකදී මිලදී ගෙන තිබූ අතර හිස්බුල්ලා සංවිධානය, ඊශ්‍රායල සැලැස්ම දැනගනී යැයි අනුමාන කර සැලසුම් කළ දිනට පෙර ඒවා පුපුරුවා ඇති බව සඳහන්.
පුපුරා ගොස් තිබූ පේජර් වල සන්නාමය තායිවාන සමාගමක් වන Gold Apollo ලෙස සඳහන් වුවද එම සමාගම එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.
ඔවුන් පවසන්නේ අදාළ පේජර් නිෂ්පාදනය කර ඇත්තේ හංගේරියානු සමාගමක් බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පේජර් පිපිරීම හේතුවෙන් ලෙබනනයේ තුවාල ලැබූ පිරිස 3,000කට ආසන්න බවයි.