28 C
Colombo
Thursday, October 3, 2024

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ

- Advertisement -

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මෙම නව ප්‍රභේදය ප්‍රථමවරට පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කීපයක එක්ස්.ඊ.සී ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් රෝගීන් හඳුනාගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්ස්.ඊ.සී ප්‍රභේදය ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවැත එන්නක් වන බවත් සරත් සෘතුවේ පැතිරීමට උපකාර වන නව විකෘති කිහිපයක් එක්ස්.ඊ.සී සතුව වන බවට විශේෂඥයන් පවසන බව සඳහන්.

කෙසේ නමුත් එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට අවම බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් වන කේ.එස් 1.1 සහ කේ.පී 3.3 එකතුවී එක්ස්.ඊ.සී ප්‍රභේදය සැදී තිබෙන බව පැවැසෙනවා.

මේ දක්වා පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27කින් සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල එක්ස්.ඊ.සී ප්‍රභේදය තිබෙන බවට තහවුරු වී ඇති බවත් විද්‍යාඥයින් පවසනවා.

ඩෙන්මාර්කයේ, නෙදර්ලන්තයේ, ජර්මනියේ සහ එක්සත් රාජධානියේ එක්ස්.ඊ.සී ප්‍රභේදය ශීඝ්‍රයෙන් වර්ධනයක් පෙන්නුම් කරන බව පවසන විද්‍යාඥයින් අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එක්ස්.ඊ.සී ප්‍රභේදයට ඉතා ඉක්මණින් ආසාදනය වීමේ හැකියාවක් තිබෙන බවත් සඳහන් කරනවා.

ශීත සෘතුවේදී එක්ස්.ඊ.සී ප්‍රධාන උප ප්‍රභේදයක් විය හැකි බවට අනතුරු අඟව‍ා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

RECENT ARTICLES - SINHALA

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් දෙන්න – අධිකරණය

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ මහතාගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...