32 C
Colombo
Tuesday, February 18, 2025

විවාහ වන වයස ගැන අලුත් යෝජනාවක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වසය් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මූලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව, ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත්, ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා වී තිබුණා.

මේ අතර, ‘ළමයා’ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදුකිරීමටද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු වී තිබෙනවා.

මෙම අවස්ථාවට සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල, සමන්මලී ගුණසිංහ යන අය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහභාගි වුණා.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES