28 C
Colombo
Thursday, January 16, 2025

ඊශ්‍රායල් රැකියා ගැන විස්තර දැන ගන්න අලුත් වෙබ් එකක්

- Advertisement -

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර රැකියාව සදහා  අයැදුම් කළ පසු ඔවුන්ගේ ඉදිරි පියවර සහ අයැදුම්කරු රැදී සිටින මට්ටම ,අයැදුම්කරුටම  ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව සලසා දී තිබෙනවා.

www.slbfe.lk  යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති ඊශ්‍රායලය යන ද්වාරය තෝරාගෙන ජාතික හැදුනුම්පත් අංකය , දුරකථන අංකය සහ අනෙකුත් අදාල දත්ත ඇතුළත් කර අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...