මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට නව දුරකථන අංකයක් හදුන්වා දුන් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ලිඛිත පැමිණිළි ‘වට්ස්ඇප්’ හරහා ලබාගැනීමට මෙම අංකය හදුන්වාදුන් බවයි ඒ මහතා පවසන්නේ.
එම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ ලිඛිත පැමිණිලි 0714033300 ‘වට්ස්ඇප්’ හරහා යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.