ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින්ට හානියන් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඉරානය ඊශ්‍රායලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබුණා.
එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ආදිය ළඟ තබාගන්නා ලෙසත් ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉරානය ඊයේ (01) රාත්‍රීයේ ඊශ්‍රායලය වෙත දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.
ජනාකීර්ණ ටෙල් අවීව් අගනුවර, ජෙරුසෙලම සහ හයිෆා යන නගරවල තෝරාගත් හමුදා ඉලක්කයන්ය එම ප්‍රහාරවලට ඉල්ලක කර ගෙන තිබුණා.