ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ලෙබනනයේ තානාපති කපිල ජයවීර මහතා සඳහන් කළේ, ඔවුන් සමඟ මේ වන විටත් තානාපති කාර්යාලය සමීප සම්බන්ධතා පවත්වමින් සිටින බවයි.
මෙරට ශ්‍රමිකයින් 7,600 ට ආසන්න සංඛ්‍යාවක් ලෙබනනයේ සේවය කරන කරන අතර ඔවුන් බොහොමයක් එරට දකුණු ප්‍රදේශවල වාසය කරන බවද ඔහු සඳහන් කළා.
ඊශ්‍රායලය පසුගිය දින කිහිපය තුළ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර දියත් කළේ, එරට උතුරු ප්‍රදේශයි.
ගැටුම් පවතින ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් ජීවත් නොවන බවද ඔහු අවධාරණය කළා.
ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 600කට අධික සංඛ්‍යාවක් වන අතර මේ වනවිට ලෙබනනයද ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භකර ඇති බැවින් කලාපයේ මතු වී ඇත්තේ ගැටුම්කාරී වතාවරණයක්.