ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳව පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවයි.
අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවද සඳහන්.