31 C
Colombo
Wednesday, February 12, 2025

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

- Advertisement -

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි විකල්ප මාර්ග පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව විකල්ප මාර්ග පහතින් දැක්වෙනවා,

මහනුවර දෙස සිට මහියංගණය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැකි බවයි පැවසෙන්නේ.

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගණය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහනවලට පමණක් උඩුදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගණය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩුදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයට උඩුදුම්බර පොලිස් වසමේ කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් පැවති බැවින් ගොඩනැඟිලි පර්යේෂණ නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කළා.

ඒ අනුව මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතළ අනතුරු සිදුවිය හැකි බැවින් 2025.01.20 වන දින සවස 6 සිට 2025.01.21 වන දින උදෑසන 6 දක්වා කාලය තුළ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර තිබුණා.

මාර්ගයට ගල් පෙරළීමේ අවදානම සම්බන්ධයෙන් අද (21) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වනු ලබනවා.

ඒ අනුව මෙම අවදානම් සහිත තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බැවින් රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින්ට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා අද දින සවස 6 සිට හෙට (22) දින උදෑසන 6 දක්වා කාලය තුළ ද ඉහත සඳහන් මාර්ගය නැවත වසා දැමීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

POPULAR ARTICLES

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...