27.2 C
Colombo
Saturday, June 21, 2025

උසස් පෙළ සමතුන්ට දැනුම්දීමක්

- Advertisement -

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල නිකුත් කිරීම මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම්කිරීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා එම අයදුම්පත් කැඳවා ඇති බවයි.

අදාළ අයදුම්පත් අද (01) දින සිට ඔක්තෝබර් 08 වනදා දක්වා අන්තර්ජාලය ඔස්සේ යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

අයදුම්පත් යොමු කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි (https://www.ugc.ac.lk/) 2023/2024 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම හා සම්බන්ධව මින් පෙර පළකරන ලද පුවත්පත් නිවේදනයෙහි දක්වා ඇති බව සඳහන් වනවා.

පාඨමාලා සඳහා වන කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීම සඳහා 2023/2024 අධ්‍යයන වර්ෂයේ අයදුම්කරුවන් සඳහා මින් පෙර ලබා දුන් සති දෙකක කාලය මෙම අවස්ථාව සඳහා අදාළ නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES