30 C
Colombo
Wednesday, June 25, 2025

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

- Advertisement -

අද (04) සහ හෙට (05) දිනයේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර විඨී සංචාරය කිරීමට නියමිත බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බවයි.

මේ හේතුවෙන්, කොලඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වන වාහන රනාල මංකඩ හන්දියෙන් කැකුලංවල මාර්ගය හරහා පනාගොඩ 293 මාර්ගයේ පනාගොඩ හන්දියෙන් ගොඩගමට ගොස් හයිලෙවල් මාර්ගය හරහා අවිස්සාවේල්ල දෙසට ගමන් කල හැකිය.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගය භාවිතා කල හැකිය.

293 පනාගොඩ හෝමාගම මාර්ගයේ ගමන් කරන වාහන කැකුලංවල මාර්ගය මංකඩ හන්දියෙන් ලෝලෙවල් මාර්ගයට පිවිස හැකිය.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට හා කිරිදිවෙල දෙස සිට ලෝලෙවල් මාර්ගයේ කොළඹ දෙසට ගමන් කරන වාහන හංවැල්ල සමනල හන්දියෙන් සමන බැද්ද මල්වාන හරහා කඩුවෙලට ගමන් කල හැකිය.

RECENT ARTICLES - SINHALA

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

රනිල්ගේ විදෙස් සංචාර ගැන CIDයෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24)...

POPULAR ARTICLES