අම්බලන්ගොඩ ඌරවත්ත ගංගාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන වාර්ෂික පෙරහැර හෙට (21) වීදි සංචාරය කිරීමට නියමිතය.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කරගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන වාහන සංඝරාජ හන්දියෙන් කැපූ ඇල පාර, වතුගෙදර, පොල්වත්ත හංදියෙන් බට පොළ, මීටියාගොඩ, කහව හරහා ගාලු පාර දක්වා ගමන් කළ හැකියි.
කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරනු ලබන වාහන කහව, මීටියාගොඩ, බටපොල, පොල්වත්ත හන්දිය, වතුගෙදර, හීනටියන පාර, බලපිටිය හරහා ගාලු පාරට ගමන් කළ හැකියි.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,
