හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් විසින් භාවිත කරන ලද නිළ නිවාස ආපසු භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සදහන් කර ඇත්තේ ඒ බව ලිපි මඟින් හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවයි.
හිටපු අමාත්‍යවරුන් විසින් රජයේ නිළ නිවාස මේ වන තෙක් භාර දී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
‘ලංකාදීප’ වාර්තා කළේ හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම අහෝසි වුණා.