26 C
Colombo
Friday, December 8, 2023

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

- Advertisement -

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් ජනතාව තවදුරටත් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්‍රිත අතු ගංගාවලත් (බෙන්තර, පොල්අතුමෝදර) පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකව වර්ධනය විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

“පසුගිය දින කිහිපය මුළුල්ලේම දිවයිනේ බස්නාහිර, දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක, සබරගමුව හා මධ්‍යම පළාත්වල බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුන අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගලාබසින ගංගාවන් ගණනාවක් ගංවතුර තත්ත්වයකට ලක් වුණා. මේ ගංවතුර තත්ත්වය ඇතැම් ප්‍රදේශවලදී තවදුරටත් පවතින බව කියන්න ඕන. අද දිනය පුරාමත් පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් වර්ධනවීම් සිදුවෙන්න පුළුවන්.”

“නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල විශේෂයෙන්ම අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාතර, දෙවිනුවර සහ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟ අවට පහත් බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතිනවා.”

“එම තත්ත්වය අද දිනය පුරාමත් පවතින බවක් නිරීක්ෂණය වෙනවා. මේ වනවිට ජලයෙන් යටවී ඇති මාර්ග අද දින පුරාම ජලයෙන් යටවී පවතී.”

“ගිං ගඟ අවට බද්දේගම සහ පහළ ප්‍රදේශවල, උඩුගම ප්‍රදේශවල පහත්බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත් අද දිනය පුරාම පවතිනවා.”

“කළු ගඟ ද්‍රෝණියේ බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රදේශවල ගංවතුර තවදුරටත් තිබෙනවා.”

“ගම්පහ දිස්ත්‍රික්කය හරහා ගලාබසින අත්තනගලු ඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ඇතැම් මාර්ග ජලයෙන් යටවී පවතිනවා. මෙම තත්ත්වය අද දිනය පුරාමත් පවතිනවා. ඒ වගේම මෙම ප්‍රදේශවල පවතින ජලයේ සුළු වශයෙන් වර්ධනයක් සිදුවිය හැකියි. ඒ නිසා විශේෂයෙන් රියදුරන් දැඩි සැලකිල්ලකින් ගමන් කරන්න.”

“මේ සඳහන් කළ සියලු ප්‍රදේශවල මාර්ග හරහා ගමන් කිරීමේදී ජනතාව දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. එවැනි ගමන් කිරීම්වලින් වැළැකී සිටිය හැකිනම් වඩාත් සුදුසුයි.”

“කැලණි ගංගාවේ ජල මට්ටම් පහළ ප්‍රදේශවලදී.. අවිස්සාවේල්ලෙන් පහළ සියලුම මුහුද දක්වා වූ ගංගාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටම් දක්වා ඉහළ ගොස් තිබෙනවා.”

“මෙම තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන්නේ නැහැ. අධික වර්ෂාවක් වර්ධනය නොවුණහොත්.”

“අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ඒ ආශ්‍රිත අතු ගංගාවලත් (බෙන්තර, පොල්අතුමෝදර) පවතින ගංවතුර තත්ත්වයන් ක්ෂණිකවම වර්ධනය විය හැකියි. විශේෂයෙන්ම වර්ෂා තත්ත්වයේ වර්ධනයක් සිදුවුව හොත්. නැත්නම් තිබෙන තත්ත්වය හෙට දිනයෙන් පසුව ක්‍රමයෙන් පහව යන මට්ටම්වලට ළඟාවිය හැකියි.”

“දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල තවමත් පවතින වියළි කාලගුණික තත්ත්වයක්. ඒ නිසා වාරිමාර්ග ජලාශවල ජල මට්ටම් 27%ක මට්ටමක පවතින්නේ.”

“මේ අඩු ජල ධාරිතාව නිසා ජලය භාවිත කිරීම ඉතා අර පරිස්සමෙන් සිදුකළ යුතුයි.”

“විදුලි බලාගාර ජලාශවල… කැලණි ගඟේ ඉහළ පිහිටි ලක්ෂපාන, කාසල්රී, මනුස්සාකැලේ ජලාශවල ජල තත්ත්වය යම් වර්ධනයක් සිදුවෙලා තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...