25 C
Colombo
Saturday, March 22, 2025

අද ඡන්ද පොළට යන ඔබට දැනුම් දීමක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම අද (21) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව, අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින්ට අවස්ථාව ලැබෙනවා.

එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් ලියවිලි අතරින් ඕනෑම ලියවිල්ලක් ඔබට ඉදිරිපත් කළ හැකි අතර එවැනි ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා.

ඒ අනුව,

* ජාතික හැඳුනුම්පත

* වලංගු විදේශ ගමන් බලපත්‍රය

* වලංගු රියදුරු බලපත්‍රය

* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත

* වැඩිහිටි හැඳුනුම්පත

* පූජ්‍ය / පූජක හැඳුනුම්පත

* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය

* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

* මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

යන පිළිගත් ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම, මෙවර මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිත කළ යුතු ආකාරය පහතින්.

අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ ඡන්ද සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ යම් අපේක්ෂකයෙකු ඉදිරියේ ඇති කොටුවේ එක් කතිරයක් පමණක් යෙදීම, ඡන්දය භාවිත කළ හැකි වලංගු ක්‍රමයකි.

අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා කතිරය භාවිත නොකර අදාළ අපේක්ෂකයින් ඉදිරියේ අංක 1, 2 හෝ 3 පමණක් සලකුණු කළ යුතුය.

මනාප ප්‍රකාශ කිරීමේදී එක් අපේක්ෂකයකුට පමණක් මනාප සලකුණු කරන්නේ නම් අංක 1 යෙදීම ප්‍රමාණවත් වන අතර දෙදෙනෙකුට මනාප සලකුණු කරන්නේ නම් අංක 1 සහ 2 පමණක් යෙදීම වලංගු වනු ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකතනය රැගෙන යාම තහනම් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES