24 C
Colombo
Sunday, February 16, 2025

නුවර – කොළඹ මාර්ගයේ යන අයට දැනුම්දීමක්

- Advertisement -

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කරන අතර නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙසට හා නුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා මාර්ගයේ එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ගමන් කරවීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වනවා.

විකල්ප මාර්ග

  • කොළඹ සිට නුවර දෙසට හා කුරුණෑගල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන කලගේඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරයට පැමිණ නිට්ටඹුව දෙසට ගමන් කර වමට හැරී කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මිරිගම මාර්ගයට පිවිස, කුරුණෑගල දෙසට ගමන් කරන වාහන වමට හැරී මිරිගම දෙසටත් නුවර දෙසට ගමන් කරන වාහන දකුණට හැරී පස්යාල දෙසටත් ගමන් කළ හැකිය.
  • මිරිගම දෙස සිට පැමිණ කොළඹ දෙසට ගමන් කරන වාහන පස්යාල දෙසට පැමිණ මල්ලැහැව හන්දියෙන් දකුණට හැරී වේයන්ගොඩ හරහා කලගේඩිහේන දෙසටත්, කිරිඳවැල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල දෙස සිට නිට්ටඹුව අලෝක සංඥා අසලින් වේයන්ගොඩ දක්වා ගමන් කර කලගෙඩිහේන දෙසට ගමන් කළ හැකිය.
  • කටුනායක දෙස සිට කිරිඳවැල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන වේයන්ගොඩ නගරය පසුකර වමට ඇති කොට්ටල මාර්ගය ඔස්සේ ගමන් කර මල්ලැහැව හන්දියෙන් දකුණට හැරි පස්යාල හන්දිය හරහා අත්තනගල්ල දෙසට ගමන් කළ හැකිය.
  • කිරිඳවැල දෙස සිට නුවර දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල හන්දියෙන් පස්යාල දෙසට ගමන් කළ හැකිය.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES