පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතී මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ සෝමාවතී මාර්ගයේ 36 කණුව අසල මේ වන විට අඩි දෙක හමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවයි.
එම නිසා එම මාර්ගයේ ට්‍රැක්ටර් මගින් පමණක් ප්‍රවාහන කටයුතු සිදු වන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණ යන පළාත්වලත් වලට අද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.