28 C
Colombo
Thursday, October 3, 2024

ශ්‍රී ලංකා – කොදෙව් තරඟය බලන්න යන අයට දැනුම්දීමක්

- Advertisement -

එළැඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඔක්තෝබර් 6 වනදා සිට අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

http://www.srilankacricket.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

මේ අතර, කොළඹ 07 විද්‍යා මාවතේ සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත ප්‍රවේශපත්‍ර කවුළු ඔක්තෝබර් 10 වනදා සිට විවෘත කරනු ලබනවා.

විස්සයි විස්ස තරග පැවැත්වෙන දිනවලදී දඹුල්ල ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට නියමිතයි.

එමෙන්ම, ඔක්තෝබර් 18 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ද ප්‍රවේශපත්‍ර අලෙවි කෙරෙන අතර එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේදී ද ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, මෙම ප්‍රවේශපත්‍ර කවුළු උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා ද විද්‍යා මාවත ප්‍රවේශපත්‍ර කවුළුව සවස 5.30 දක්වාද අදාළ දිනවලදී විවෘතව තබන බවයි.

RECENT ARTICLES - SINHALA

බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...