25 C
Colombo
Saturday, March 22, 2025

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

- Advertisement -

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය කොමසාරිස් සඳහන් කළේ ,එම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ විභාගය සඳහා අයදුම්පත්‍ර යොමු කළ හැකි බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ සියලු දෙනාට අයදුම් කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රජයේ පාසල්වල සිටින 12 ශ්‍රේණියේ සිසුන් ද විභාග සඳහා අයදුම් කරනු  ඇති අතර එමඟින් 13 වන ශ්‍රේණියක් නොමැති වී ‍පාසල් පද්ධතිය බිඳ වැටීමේ අවධානයක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එම නිසා ජාත්‍යන්තර පාසල් සිසුන් හෝ සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව පාසල් හැර ගිය සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ උසස් පෙළ විභාගය සඳහා අයදුම් කළ හැකියි.

මීට පෙර අවස්ථාවල දී වෙනත් ශ්‍රේණිවල සිසුන්ට ද මෙම විභාගය සඳහා පෙනී සිටිමට අවස්ථාව ලබා දුන් බව ද නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර 2024 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් භාරගැනීම ලබන මස 10 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.එම කාලය කිසිම හේතුවක් මත දීර්ඝ නොකර බවයි.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අයදුම්පත්‍ර යොමු කළ යුතු වනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හා ජංගම දුරකථන යෙදවුමෙන්, මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ හැකියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දෙපාර්තමේන්තුවේ 1911 ඍජු දුරකථන අංකයෙන් හෝ පොදු දුරකථන අංක හරහා ලබාගැනිමේ හැකියාව පවතිනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES