24 C
Colombo
Sunday, February 16, 2025

පාස්පෝර්ට් දෙන විදිය ගැන දැනුම්දීමක්

- Advertisement -

මාර්ගගත ක්‍රමයට (online)  විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් වෙන් කර ගන්නේ නම් ඒ සඳහා දින ලැබෙනුයේ  දළ වශයෙන් මාස 05ක් පමණ ඉදිරියෙන් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙම දිනට ප්‍රථම ගමන් බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දින වෙන් කර ගත් අය සඳහා එක දිනකට පාස්පෝට් නිකුත් කිරීම් 800ක් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ආනන්ද විජේපාල මහතා තවදුරටත් පවසා සිටියේ, ප්‍රසම්පාදනයක් මගින් විදේශ ගමන්බලපත්‍ර ලක්ෂ 5ක ප්‍රමාණයක් මිල දී ගැනීමට රජය තීරණය කර ඇති බවයි.

“මාර්ගගත ක්‍රමය මගින් දිනයක් වෙන්කරවා ගත හැකි අතර එම දිනයට පැමිණ එදිනම විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නිදසුනක් ලෙස අද (23) දින දිනයක් වෙන් කර ගන්නේ නම් ලැබෙන දිනය ජූනි 27. ඒ කියන්නේ මාර්ගගත ක්‍රමයට දිනයක් ගත්තොත් දළ වශයෙන් මාස 05ක් පමණ ඉදිරියට දිනයක් ලැබෙනවා.

හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් මෙම දිනට ප්‍රථම ගමන් බලපත්‍රයක් ලබාගන්න අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ දින වෙන් කර ගත් අය සඳහා එක දිනකට පාස්පෝට් නිකුත් කිරීම් 800ක් සිදුකරනවා.

ඒ වගේම යම් අයෙකුට ඔවුන්ගේ හදිසි අවශ්‍යතාවය දැනුම්වත් කරලා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කරලා තියෙන කමිටුව හමුවට ඇවිල්ලා තොරතුරු දැනුම් දුන්විට දිනකට නිකුත් කරන ගමන් බලපත්‍ර සංඛ්‍යාව 650ක්.

ඊට අමතරව විදේශ දූත මණ්ඩල මගින් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ අනුව විදේශගත වූවන්ගේ පාස්පෝට් 500ක් ඒ සඳහා දෛනිකව නිකුත් කරනවා”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES