31.7 C
Colombo
Friday, June 20, 2025

ශ්‍රී ලංකා – නව­සී­ල­න්ත පළමු ටෙස්ට් තරඟය ගැන දැනුම්දීමක්

- Advertisement -

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සැප්තැ­ම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී ආර­ම්භ වනවා.

මේ සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

පළමු ටෙස්ට් තරගය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගාලු ක්‍රීඩාං­ග­ණයේ ගේට්ටුව අංක 4 හරහා මහජනතාවට පිටියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවනවා.

මේ 21 වැනිදා පැවැ­ත්වෙන ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සුම වෙනු­වෙන් 21 වැනිදා නිවාඩු දින­යක් ප්‍රකා­ශ­යට පත්කොට ඇති අතර පළමු ටෙස්ට් තර­ගය අත­ර­තු­රදී ලබා­දෙන විවේක දින­යේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩ­ක­යින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදි­නම පස්ව­රුවේ යළි කණ්ඩා­යම සමඟ එක්වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

දෙවැනි ටෙස්ට් තර­ගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැ­ත්වී­මට නිය­මි­තයි.

ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අව­සන් වරට ශ්‍රී ලංකා­වේදී හමුවී ඇත්තේ ‍2019 වස­රේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේ­දීයී.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

POPULAR ARTICLES

පොදු සමාව යටතේ මනුෂ්‍ය ඝාතන සිරකරුවන් නිදහස් කරලා

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු  සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මහතා පවසන බව...