25 C
Colombo
Monday, October 14, 2024

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක්

- Advertisement -

ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන දැනුම්දීමක් ආරක්ෂාව තහවුරු කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරණයට තරග වදින අපේක්ෂකයින්ට ඇති තර්ජන සම්බන්ධයෙන් නිරන්තර බුද්ධි වාර්තා කැඳවමින් ඇති බවයි.

අදාළ බුද්ධි වාර්තා මත පදනම්ව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව අමාත්‍යාංශය පවසනවා.

ජනාධිපති අපේක්ෂකයින් සහභාගී වන ජන රැළි පැවැත්වීමට දින කිහිපයක සිට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වාර්තා කැඳවා අධ්‍යනය කරනු ඇති.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අමතරව අදාළ අපේක්ෂකයා එම ජන රැළියට සහභාගී විමට පැය කිහිපයකට පෙර යළිත් ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු කර ගන්නා බවයි.

එවැනි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ, ජනාධිපති අපේක්ෂකයින්ට අවශ්‍ය ආරක්ෂාව සලසා තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ඊයේ (09) මැතිවරණ කොමිසමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නියෝජිත රේනුක පෙරේරා මහතා පවසා තිබුණේ, නාමල් රාජපක්ෂ මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට තර්ජන එල්ල වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...