24 C
Colombo
Sunday, January 19, 2025

චීනයේ පැතිරෙන වෛරසය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

- Advertisement -

චීනය තුළ මේ දිනවල පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඊයේ (03) දිනයේදී දැන ගැනීමට ලැබුණු බවත් නිසි අධ්‍යයනයකින් පසු මාධ්‍ය වෙත තොරතුරු ලබා දීමට කටයුතු කරන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් දැනුම් දෙනවා.

එමෙන්ම, මෙම වෛරසය ලංකාවේ තුළ ව්‍යාප්තිය වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ සුදානම් බවද එම ඒකකය තවදුරටත් සඳහන් කරනවා.

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වී වසර 5කට පසු චීනය තුළ මේ දිනවල වෛරස් කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

Human metapneumovirus (HMPV) ලෙස හැඳින්වෙන වෛරසය ප්‍රධාන වශයෙන් එරට ව්‍යාප්ත වෙමින් පවතින බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

එමෙන්ම, ඉන්ෆුවෙන්සා ඒ වෛරසය (influenza A) මයිකොප්ලාස්මා නියුමෝනියාව (Mycoplasma pneumoniae) සහ කොරෝනා වෛරසය ද වැළඳුණ රෝගීන්ද මෙලෙස චීනයෙන් වාර්තා වී තිබෙනවා.

HMPV සියලු ම වයස්වල පුද්ගලයින්ට ආසාදනය විය හැකි අතර ළමුන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් අතර මෙම වෛරසය බහුලව ආසාදනය වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

කැස්ස සහ කිවිසුම් යාමේදී ඇති වන ස්‍රාවයෙන්, ආසාදිත අයෙකු ස්පර්ශ කිරීමෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව පවතිනවා.  

අවම වශයෙන් තත්පර 20 ක් සබන් ගා වතුරෙන් නිතිපතා අත් සේදීම, අත් සේදීමෙන් තොරව මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකීම, රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින්ගෙන් දුරස්ථව තබා ගැනීම, දොර අගුලු සෙල්ලම්බඩු ආදී නිතර ස්පර්ශ කරන දෑ මතුපිට පිරිසිදු කිරීම ආදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීමෙන් මෙම  වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගත හැකියි.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES