24 C
Colombo
Thursday, January 23, 2025

මාර්ග තදබදයක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

- Advertisement -

අද (25) සවස දෙමටගොඩ පොලිස් වසමේ ඇතිවිය හැකි මාර්ග තදබදයක් සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල මහා විහාරස්ථානයේ පැවැත්වෙන පෙරහැර හේතුවෙන් මාර්ග අවහිර වීමට ඉඩ ඇති බවයි.

දෙමටගොඩ පොලිස් වසමේ ලුනාව දේවාල මහා විහාරස්ථානයේ වාර්ෂික නානුමුර මංගල්‍ය පෙරහැර 71 වන වරට අද (25) දින සවස 06.00 සිට වීථී සංචාරය කිරීමට නියමිතයි.

මෙම පෙරහැර නැරඹීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරනු ලබන අතර ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පෙරහැර ශ්‍රී විසුද්ධාරාම ලුනාව දේවාල භූමියෙන් ආරම්භ කර ඉංග්‍රම් හන්දිය, සද්ධර්ම මාවත, ඛෙත්තාරාම පාර, අඩි 100 පාර, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය, ස්ට්‍රේස් පාර, කොස්ගස් හන්දිය, ග්‍රෑන්ඩ්පාස් පාර, ඉඟුරුකඩේ හන්දිය, ඇප්රෝච් පාර, බණ්ඩාරනායක හන්දිය, බේස්ලයින් පාර, ඔරුගොඩවත්ත හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතයි.

එබැවින් පෙරහර ගමන් ගන්නා කාලය තුළ එම මාර්ග භාවිත කරන රියදුරන් හා මහජනතාව වෙත පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES