24 C
Colombo
Thursday, February 13, 2025

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්

- Advertisement -

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසුවේ, ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ,

“මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්න.” 

මේ අතර පසුගියදා සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබි අඩවිය සම්බන්ධයෙන් ද චාරුක දමුනුකුල මහතා මෙලෙස අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ,

“එම වෙබ් අඩවියේ දුර්වලතා කිහිපයක් හේතුවෙන් මෙම සයිබර් ප්‍රහාරය  එල්ලවෙන්නට ඇති බවට අපි හඳුනාගෙන තිබෙනවා. හැකි ඉක්මනින් මෙය යථා තත්ත්වයට පත්කර මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.”

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

POPULAR ARTICLES