24 C
Colombo
Sunday, February 16, 2025

ප්‍රධාන වැව් රැසක් වාන් දමයි

- Advertisement -

මේ වන විට ඇද හැළෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බොහොමයක් වාන් දමමින් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 73න් 55ක් මේ වන විට වාන් දමමින් පවතින බවයි.

මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 60කට අධික ප්‍රමාණයක්ද මේ වන විට වාන් දමමින් පවතිනවා.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්කයන් හී පිහිටා ඇති සියලුම ජලාශ මේ වන විට වාන් දමමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 9න් 8ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ වැව් 7න් 4ක්, මඩකළපුව දිස්ත්‍රික්කයේ වැව් 4න් 3ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 10න් 4ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ වැව් 2න් 1ක්, මහනුවර දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 10න් 9ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 3න් 2ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 5න් 4ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 4-2ක් ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES