30.4 C
Colombo
Wednesday, April 24, 2024

ගුරු උද්ඝෝෂණය නිරීක්ෂණය කරන්නැයි සංවිධාන රැසක් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි

- Advertisement -

ගුරු විරෝධතා මර්දනය කිරීමට යම් පාර්ශවයක් සූදානම් වන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට පහරක් එල්ල කිරීමක් වන බැවින් මෙම උද්ඝෝෂණවලට සහභාගී වන්නන්ගේ මූලික අයිතිවාසිමක් කඩකිරීමට පොලිසිය හෝ වෙනත් අංශයක් කටයුතු කරන්නේදැයි නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වන ලෙස ඉල්ලා සංවිධාන රැසක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබෙනවා.

අදාල ලිපිය පහතින්,

සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
ආර් ඒ ද මැල් මාවත,
කොළඹ.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න සිදුවීමක් ගැන දැනුම්දීම
 
ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ සහ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම උද්ඝෝෂණ රැසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට එම වෘත්තීය සමිති සූදානම් කර තිබේ. වෘත්තීය සමිති/වෘත්තීය සමිති ක්‍රියාකාරකයන්/සිවිල් සංවිධාන/ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්/පුරවැසියන් ලෙස අපි ද මෙම විරෝධතාවට සහයෝගය දක්වමු.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට මෙන්ම සාමකාමීව රැස්වීමේ නිදහසට ද ඔ්නෑම පුරවැසියකුට අයිතිවාසිකම් තිබුණ ද පසුගිය කාලයේ දී එම අයිතිවාසිකම උල්ලංඝණය වන ආකාරයට ශ්‍රී ලංකා පොලිසිය සහ/හෝ ආණ්ඩුව කටයුතු කරනු දක්නට ලැබිණි.

උද්ඝෝෂණ යනු අදහස් ප්‍රකාශ කිරීමේ එක් ක්‍රමයක් වන අතර කිසිම හේතුවක් නිසා උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බවට ආණ්ඩුවේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශයක් පසුගියදා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය මුල් කර ගනිමින් ලෝක ගුරු දිනයට සමගාමීව අද (06) ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම උදෑසන 10.00ට පැවැත්වෙන විරෝධතා පොලිසිය හෝ වෙනත් අංශයක් මගින් මර්දනය කිරීමට උත්සාහ කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති බැවින් එලෙස සිදුවීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

මෙම උද්ඝෝෂණවලට සහභාගී වන්නන්ගේ මූලික අයිතිවාසිමක් කඩකිරීමට පොලිසිය හෝ වෙනත් අංශයක් කටයුතු කරන්නේදැයි නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු.
 
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
 
(අත්සන් කරන්නන්ගේ/සංවිධානවල නම් ලැයිස්තුව පහතින්)
 
පිටපත්
අධ්‍යක්ෂ, විමර්ශන අංශය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
පළාත් අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
සියලුම මාධ්‍ය ආයතන
තානාපති කාර්යාල
 
අත්සන් කළේ,
 
1.     මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
2.     ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
3.     ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණ වෘත්තිකයන්ගේ ජාලය
4.     අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
5.     මීඩියා ප්‍රෝ-ටෙක් ශ්‍රී ලංකා
6.     ට්‍රස්ට් එන්කරේජ්මන්ට් තරුණ ජාලය
7.     මීඩියා එල් කේ ජාලය
8.     ප්‍රොටෙක්ට් සංගමය
9.     රූල් ඔෆ් ලෝ ෆෝරම්
10.ඩාබිඳු සාමූහිකය
11.සමාජ සහ සාමයික කේන්ද්‍රය
12.ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR)
13.සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
14.ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය
15.ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය
16.ජනතා නීතිඥයෝ
17.ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය
18.කෞෂාල් රණසිංහ – සිවිල් ක්‍රියාකාරීන්ගේ සාමූහිකය
19.කේ රණවන – ජනමාධ්‍යවේදී
20.ආර් රණවන – ජනමාධ්‍යවේදී
21.සුසන්ත යාපා- සභාපති, මීඩියා ප්‍රෝ-ටෙක් ශ්‍රී ලංකා
22.රුකී ප්‍රනාන්දු
23.නීතිඥ සුරේන් පෙරේරා
24.ජනමාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ
25.ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා
26.ශෙරාඩ් ජයවර්ධන පියතුමා
27.සරත් ඉද්දමල්ගොඩ පියතුමා
28.ඇන්ටන් පියතුමා
29.රොහාන් සිල්වා පියතුමා
30.තරිඳු ජයවර්ධන
31.ජයනි අබේවික්‍රම
32.තිලක් කාරියවසම්, විධායක අධ්‍යක්ෂ, FIAN ශ්‍රී ලංකා.
33.නිමල්කා ප්‍රනාන්දු
34.නාලිනී රණරාජා – කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනී
35.එස් විශ්වලිංගම්, ලේකම් – ශ්‍රී ලංකා නේචර් කණ්ඩායම
36.මාධ්‍යවේදී මෙලනි මානෙල් පෙරේරා
37.ශ්‍රියන්ති පෙරේරා
38.ශිවන්ති සිල්වා
39.තෙරේසා රාජපක්ෂ
40.රෝහිණී ප්‍රනාන්දු
41.රීටා ප්‍රනාන්දු
42.ආචාර්ය මාරියෝ ගෝමස්
43.රසිකා පීරිස් කන්‍යාසොයුරිය
44.මුස්තාපා අන්සාර්, ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ ජාතික සම්බන්ධීකාරක (දෙමළ මාධ්‍ය)
45.සංජුලා ඔ්ෂිනී පීටර්ස්
46.නීතිඥ සේනක පෙරේරා
47.මරීසා ද සිල්වා

RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...