32 C
Colombo
Friday, January 17, 2025

දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක්

- Advertisement -

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින්  කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතා නියම කළා.

අදාළ චෝදනාවන්ට වරද පිළිගන්නා බවට සැකකාර තරුණයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම දඬුවම නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් තුන්දහසක දඩයක්ද නියම කර තිබෙනවා.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විශේෂ විමර්ශන ඒකකය මගින්  අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකාර වෛද්‍යවරයාගේ සහායිකාව මාර්ගයෙන් වෛද්‍යවරයාගේ දුරකථන දත්ත ඇතුළත් චීපයක්  සොරා ගෙන ඇති සැකකරු එම චීපයේ තිබූ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කොට කප්පම් ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා.

සැකකරුට චෝදනා දෙකක් ඉදිරිපත් කොට තිබූ අතර අදාල චෝදනාවන්ට මුල් අවස්ථාවේම වරද පිළිගැනීම හේතුවෙන් මෙම මාස හය බැගින් වූ  ලිහිල් දඬුවම නියම කර එය අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

POPULAR ARTICLES