යාපනය නගරයේ අවන්හලක සේවය කරන සේවකයෙකු සිය නවාතැන්පලේ කමරයේ නිදා සිටියදී ඇඳෙන් වැටීමෙන් මිය ගොස් තිබෙනවා.
කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙකු වන නීරාන් සයිදු මොහම්මදු වන අතර ඔහු රැකියාව වශයෙන් යාපනය නගරයේ අවන්හලක සේවය කර තිබුණා.
ඊයේ (18) දින සේවය නිමවී සිය නවාතැන්පලට ගිය මෙම පුද්ගලය නිදාගෙන ඇති අතර මැදියම් රැයේදී ඔහු නිදාසිටි ඇඳෙන් බිමට වැටී දැඩි අසාධ්‍ය තත්වයේ පසුව තිබෙනවා.
කෙසේ වෙතත් අසාද්‍ය තත්වයේ සිටි ඔහු ඔහුගේ මිතුරන් විසින් එම අවස්ථාවේදීම යපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් තිබු බව සඳහන්.
ඇඳෙන් වැටීමේදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මොහු මිය යන්නට ඇතැයි පොලීසිය සැකපල කරනවා.