නිවසක කසල ගොඩක් පුළුස්සමින් සිටියදී එහි සිදු වූ පිපිරීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකොට තිබෙන බව පොලිසිය පවසනවා.
මහනුවර, වත්තේගම, පොල්ගොල්ල, වත්තේගෙදර ප්රදේශයේ නිවසක මෙම සිදුවීම සිදු වු බවට වාර්තා වනවා.
තුවාලකරු ප්රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබෙන අතර පිපිරීම නිසා තුවාල ලබා ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පැවසුවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ පිපිරීමෙන් ඔහුගේ මුහුණ ප්රදේශයට තුවාල සිදුව ඇති බවයි.
තුවාලකරු මෙම පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යමක් වසන් කරන බවට රෝහල් බලධාරීන්ට පෙනී ගොස් තිබූ බැවින් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබෙනවා.
ඒ අනූව වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.