නීති විරෝධී ලෙස මත්පැන් තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව පොලිසිය විසින් ගල්නෑව නගරයේ ඊයේ (13) සවස සිදු කළ විශේෂ මෙහෙයුමකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
සැකකරු සන්තකයේ තිබී රජයෙන් නිකුත් කරන ලද බලපත්‍ර රහිත අරක්කු ලීටර් 54 ක් සහ බියර් ලීටර් 33 ක් පොලීසිය නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග යටතේ රට පුරා ආරම්භ කරන ලද අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළේ කොටසක් ලෙස මෙම මෙහෙයුම සිදු කෙරුණා.