24 C
Colombo
Sunday, February 16, 2025

ගිනිඅවියක් සහ පතරොම් සමග අයෙක් අත්අඩංගුවට

- Advertisement -

ටී 56 ගිනි අවියක් සහ පතරොම් කිහිපයක් කිහිපයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 11 වැනි දින වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මගින් පිස්තෝල අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එහිදී අනාවරණය වූ තොරතුරු මත තවත් සැකකරුවෙකු පසුගිය 14 වැනි දින කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමගින් වැලිකන්ද ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක්, එම පතරොම් ගැබක් හා ජීව පතරොම් 18ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉහත සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් දින 90ක රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබූ අතර ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත රුපියල් ලක්ෂ 2ක මුදලකට තවත් ටී 56 ගිනි අවියක් අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය කර ගෙන තිබුණා.

එම තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද දින (18) වැලිඔය ප්‍රදේශයට ගොස් ටී 56 ගිනි අවිය, පතරොම් ගැබක් හා ජීව පතරොම් 11 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වෙළෙඳසැළක් පවත්වාගෙන යනු ලබන අවුරුදු 47ක් වන වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ගිනි අවිය වෙනත් අපරාධ සඳහා භාවිත කර ඇතිද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES