බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය ප්රදේශයේ පදිංචිරුවෙක්.
වයස අවුරුදු 08-14ත් අතර වයසේ පසුවන බාල වයස්කාර සිසුන්ට බරපතල ලිංගික අපයෝජන සිදු කරන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එහි ගොස් සිදුකළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අතවරයට පත් බාල වයස්කාර සිසුන් පස්දෙනකු මේ වනවිට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය පවසනවා.