27.8 C
Colombo
Thursday, July 17, 2025

කොස්තාපල්වරයෙක්ට බෝතලයකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට

- Advertisement -

මත්පැන් බෝතලයක් කඩා කොස්තාපල්වරයෙකුට පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසනවා.

තානායමකදී බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවටයි පොලීසිය පවසන්නේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

තුවාල ලැබූ ඔහු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. 

පොලිස් කොස්තාපල්වරයා ඊයේ (18) රාජකාරී විවේකය වාර්තාකර පැන් පානය කිරීම සඳහා හොරණ තානායමට පැමිණ තිබෙනවා.

එහිදී ඉහත සැකකරු සමග කිසියම් සිද්ධියකට බහින්බස් වී ඇති අතර සැකකරු බෝතලයක් කඩා කොස්තාපල්වරයාට ඉන් පහර දී තිබෙනවා.

සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ගල්ඓදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

RECENT ARTICLES - SINHALA

කුණු ට්‍රැක්ටර්වලින් රැස්වීමට ආපු මන්ත්‍රිවරු

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ චෙංගලඩි සහ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ සභිකයන් ඊයේ(16) මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට කසළ ප්‍රවාහනය කරන ට්‍රැක්ටර දෙකකින් පැමිණ...

ටික් ටොක් සමාගමෙන් සුභ ආරංචියක්

TikTok සාමාජ මාධ්‍යයේ  නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.  විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල්...

විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17)...

POPULAR ARTICLES